විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි තවත් පිරිසක් අද(02) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ 195 දෙනෙකු මෙලෙස නිරෝධායනය අවසන් කොට නිවෙස් බලා පිටත්ව යන බවයි.
මේ අතර විදෙස්රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් කණ්ඩායමක් ඊයේ (01) සිය නිවෙස් වෙතපිටත් කර හැර තිබේ.
නිරෝධායන කාලසීමාව අවසන් කළ විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු මෙලෙස එම මධ්‍යස්ථානවලින් පිටත් කර හැරුණු බව යුද හමුදාව සඳහන් කළේය.
ඔවුන් දියතලාව, ධම්මින්න සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් වේ.
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2121 දෙනෙකු මේ වන විට සිය නිවෙස් වෙත පිටත් කර හැර ඇති අතර 1500කට වැඩි පිරිසක් තවදුරටත් මධ්‍යස්ථාන 32ක රැදී සිටින බව යුද හමුදාව සඳහන් කළේය.



