කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (02) මියගිය පුද්ගලයා දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
අදාළ පුද්ගලයා සහ ඔහුගේ භාර්යාව ඉන්දියාවේ වන්දනා ගමනක ගොස් පැමිණි අය වන අතර කටුනායක ගුවන් තොටුපලේ දී ඉතාලියෙන් පැමිණි පිරිසක් නිරෝධායනයට එරෙහිව කලහාකාරී ලෙස හැසිරුණු අවස්ථාවේ ඔවුන්ට මැදිවුණු අය බව වාර්තා වේ.
මියගිය පුද්ගලයාගේ භාර්යාවට ද වෛරසය වැළඳී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
මීට පෙර මියගිය පුද්ගලයන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනයට අමතරව වෙනත් රෝග කිහිපයකින් පෙළුනු අය වුව ද සිව්වැනි පුද්ගලයාට එවැනි වෙනත් රෝග නොතිබූ බව අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.
නිව්මෝනියා තත්ත්වයට පත්වීම හේතුවෙන් අදාළ පුද්ගලයා මිය ගොස් තිබේ.



