විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ සුබ සාධනය , ඔවුන් මුහුණ දි සිටින දුෂ්කරතා සහ ඊට විසඳුම් ඉදිරිපත් කිරිම පිළිබඳ විදේශ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාක්ච්ඡාවක් පැවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වු පිරිස් මෙන්ම මැද පෙරදිග රටවල සංක්‍රමණික සේවකයන්ගේ ගැටළු පිළිබඳ එහිදි අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් අතර ආර්ථික හා වෙළද සබඳතා පවත්වාගෙන යාම නව වෙළද පොළ ගවේෂණය කිරිම ආදී ක්‍රියාමාර්ගවලට අදාළ පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් සමබන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලොව වටා නගර 67ක පිහිටි දුත මණ්ඩල ප්‍රධානීන් සමඟ අමාත්‍යාංශ නිලධාරින් සාකච්ඡා පවත්වා තිබේ.
පවතින තත්වය අවසන් වු වහාම ඔවුන්ට මෙරටට පැමිණීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකාව අමතන්න යන නව මාර්ග ගත වෙබ් ද්වාරය හරහා ශ්‍රී ලාංකිකයන් 46,000ක් පමණ ලියාපදිංචි වී තිබේ.



