සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂීයෑන් ලුං මහතා නිල සංචාරයක් සඳහා ලබන 22 වන දින මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා දින දෙකක කාලයක් මෙරට රැදී සිටීමට නියමිත අතර එම කාලය තුළ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.