වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම අප්‍රේල් මස 06 වැනි සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.
කොරෝනා වෙෙරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වැනි දින එනම් සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙල අප්‍රේල් මස 07 වන අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව රජය තවදුරටත් අවධාරණය කරයි.