දිස්ත්‍රික්ක 19ක ඇදිරි නීතිය හෙට තාවකාලිකව ඉවත් කරයි

Share

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතිය දිස්ත්‍රික්ක 19 ක් සඳහා හෙට (6) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ.

 

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මෙලෙස හෙට උදෑසන 06.00 ට ඉවත් කෙරෙන බවයි රජය පවසන්නේ.

හෙට පස්වරු 02.00 සිට අදාල දිස්ත්‍රික්කවලට යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එය ඉවත් කරන දිනයක් මෙතෙක් රජය විසින් ප්‍රකාශයට පත් කර නැහැ.

Read more

Local News