කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්න ඉඩ දිය යුතු නැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍රය වන්නේ බැංකු ක්ෂේත්‍රය බවයි.
බැංකු ක්ෂේත්‍රය ආක්ෂා කර ගැනීම ඉතා වැදගත් බවත් බැංකු ක්‍රමය කඩා නොවැටී පවත්වාගෙන යා යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකවරයා පවසන්නේ පුද්ගලික් අංශයේ සේවක සේවිකාවන්ට සහන ලබා දීමේ වැඩපිළිවෙලක් අනෙකුත් රට වල ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බවත්ය.



