කොරෝනා රෝගීන් ගණන 174ක් දක්වා ඉහළට

තවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 174ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙකි.

ඒ අනුව තවදුරටත් රෝගීන් 140 දෙනෙකු ‌මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

Exit mobile version