පන්නිල කතගේ අලුත උපන් බිළිඳා කොරෝනා ආසාදනය වී නෑ

Share

කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ අධි අවදානම් කලාපයක් ලෙස නම් කළ බේරුවල, පන්නිල සෆා නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ගැබිණි කාන්තාව දර්ගා නගරයේ පදිංචිකාරියක් ලෙස සඳහන් කරමින් කලුතර දිස්ත්‍රික් රෝහලට ඊයේ ඇතුළත් විමෙන් පසුව දරු ප්‍රසූතිය සිදුකර තිබුණි.

 

තොරතුරු සැගවූ අදාළ කාන්තාවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පසුව තහවුරු වූයේ සිදුකරනු ලැබු පරීක්ෂණකින් අනතුරුවයි.

මෙවන් පසුබිමක බිලිඳා ද කොවිඩ් 19 පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එහිදී  අනාවරණ වී ඇත්තේ බිලිදාට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කොරෝනා 19 ආසාදිතයින් ඇසුරු කිරීම නිසා ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බේරුවල සහ කලුතර ප්‍රදේශවල පුද්ගලයින්ගේ කේට සාම්පල ලබාගැනීම අද පළමු වරට වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබුවේය.

ඒ අනුව 11 දෙනෙකුගෙන් පී සී ආර් පරීක්ෂණ සදහා මෙලෙස සාම්පල ලබා ගෙන තිබුණි.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පුද්ගලයන් හයදෙනකු වර්තා වු අකුරණ ප්‍රදේශය තවමත් පවතින්නේ සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශයක් ලෙසයි.

Read more

Local News