කොරෝනා රෝගීන් ගණන 175ක් දක්වා ඉහළට

Share

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 175 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට අද දිනයට පමණක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව රෝගය ආසාදනය වූ පුද්ගලයින් 33 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 5 ක් වෙයි.

Read more

Local News