කොවිඩ් 19 වෛරසයෙන් මේ වන වැඩිම බලපෑමක් එල්ලවී ඇති අමෙරිකාවෙන් මරණ 8,454 ක් වාර්තා වී තිබේ.
ගතවූ පැය 24තුලදීද අමෙරිකාවෙන් මරණ 1,344ක් වාර්තාවී ඇති බව සඳහන්.
එය එක් දිනකදී මෙතෙක් වාර්තාවී ඇති වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව බවද විදෙස් වාර්තා සඳහන් කළේය..
මෙම සතිය මෙන්ම ඉදිරි සතියත් බොහෝදුරට අමෙරිකාවට දුෂ්කර කාලසීමාවක් වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉදිරි සතියේ මරණ රැසක් සිදුවීමට ඉඩ ඇති බව පැවසූ ට්‍රම්ප් වසංගතය පාලනය කිරීමට යම් ක්‍රියාමාර්ග ගැනීම තුළින් මරණ සංඛ්‍යාව අවම කරගත හැකි බවත් සඳහන් කළේය.




