වැඩිහිටි, ආබාධිත හා වකුගඩු දීමනා ගෙවීම් හෙට නිවෙස් වලට

Share

වැඩිහිටි හා ආබාධිත ඇතුළු දීමනා කිහිපයක් හෙට දිනයේ ගෙවීමට රජය කටයුතු යොදා තිබේ.

 

මේ යටතේ වැඩිහිටි, ආබාධිත, වකුගඩු සහ වයස අවුරුදු 100ට වඩා වැඩිහිටියන් සඳහා වූ දීමනාව අදාළ ග්‍රාමසේවක විසින් නිවෙසටම ගෙනවිත් දෙනු ඇති බව විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේ ය.

එසේම ගොවි විශ්‍රාම වැටුප හා ධීවර විශ්‍රාම වැටුප ගෙවීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සම්බන්ධීකරණ කටයුතු කරනු ඇති.

පසුගිය 02 හා 03 යන දිනයන්හිදී විශ්‍රාම වැටුප් ලබාගැනීමට නොහැකි වූ අය සඳහා හෙට දිනයේදී ගෙවීම් සිදු කිරීමට නියමිතව ඇත.

Read more

Local News