වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා අද (06) දිනයේ දි සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කරන බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් නයින්ටීන් වෙෙරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු පාර්ශව වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා අදාළ ගෙවීම් සිදු කිරිමට තීරණය කළ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂනය මත මෙම ගෙවීම් සිදුකිරිමට අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බව සඳහන්.
එමෙන්ම සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ද ලබා දීම හෙට සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් අද හෙට සහ අනිද්දා දිනවල ලබා දිමට රජය පියවර ගෙන ඇත.



