තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

 

ඒ අනුව පුද්ගලයින් 34 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් 137 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 176 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති අතර ඉන් 5 දෙනෙකු මියගියේය.

Exit mobile version