අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 700ත් සමගින් එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 4,000 ඉක්මවා ගියේය
.
වාර්තා වූ මරණ සංඛ්‍යාව 117කි.
මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීමකට අනුව ඊයේ රාත්‍රී 9ට විදුලි පහන් සියල්ල නිවාදමා, පහන් දල්වා ආශිර්වාද ප්‍රාර්තනා කිරීමට ඉන්දීය ජනතාව කටයුතු කළේය.
ඔහු එය නම්කර තිබුණේ අඳුරට අභියෝග කිරීම ලෙසයි.
අගමැතිවරයාද නව දිල්ලි නුවර සිට මේ අවස්ථාවට එක්වූ අතර, ඉන්දියාව පුරා වෙසෙන බිලියන 1.3ක් වූ ජනතාවගෙන් බහුතරය විනාඩි 9ක් පුරාවට පැවැති මේ විශේෂ කටයුත්තට එක්වුණේ මෙලෙසින්ය.
මේ අතර නිව්යොර්ක් නුවර බ්‍රොන්ස් සත්වෝද්‍යානයේ වෙසෙන සිවුවියැති, කොටියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙය වාර්තාවන්නේ, වෛරසය කොටියෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව ලෙසයි.




