මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලයේ 14ක් නිරෝධායනයට

Share

මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු නිරෝධායනය සඳහා වෛයික්කාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.

 

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසුවේ ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු කොරෝනා අසාදිතයෙකු බවට අනාවරණයවීමෙන් පසු අදාළ පිරිස නිරෝධායනයට යොමුකළ බව ය.

කෙසේ වෙතත් මේ වනවිට අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුවන බව ද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසුවේ ය.

Read more

Local News