නව ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Share

නව ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය අප්‍රේල් මස 30 වන දින අවසන් කිරීමට නියමිතයි.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුලි සංදේශ, විදුලි හා ජල සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මාධ්‍ය ආදී රාජ්‍ය හා පෞද්ගලික අංශ මඟින් පවත්වා ගෙන යනු ලබන අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට ඔවුන්ගේ සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රයක් ලෙසට භාවිතා කිරීම සඳහා ලබා දුන් අවසරය තවදුරටත් අප්‍රේල් 30 වන දින තෙක් ‍දීර්ඝ කර තිබේ.

එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සඳහා 2020.04.10 වන දින තෙක් ලබා දුන් ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය ද ඒ අනුව අප්‍රේල් මස 30 වන දා දක්වා දීර්ඝ කර තිබේ.

Read more

Local News