‍තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයත් වැසෙයි

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය දින නියමක් නොමැතිව වසා දැමිමීමට තීරණය කර තිබේ.

 

අද(08) මධ්‍යහ්න 12.00න් පසු ‍තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වසා දැමිමට තීරණ කළ බව එම මධ්‍යස්ථානයේ කළමනාකරු අසංක ප්‍රදීප් මහතා පැවසුවේය.

මෙමගින් ගොවින්ට අසාධාරණයක් සිදු නොවන අතර ඔවුන්ගේ අස්වනු ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා වෙළඳුන්ට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි ඔහු සඳහන් කළේ

මේ අතර ඊයේ දිනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද දින නියමක් නොමැතිව වසා දැමුණි.

ඒ සදහා ලැබෙන අස්වනු ද ප්‍රාදේශිය ලේකම් කාර්යය හරහා ජනතාවට ලබාදීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිෂ්ටි විජේරත්න මහතා පැවසුවේය.

Exit mobile version