කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නිවේදනයට අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල හම්බන්තාෙට හරහා පාෙතුවිල් දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර් 2 සිට 2.5 ක් දක්වා ප්‍රමාණයක් වැඩ්විය හැකි බව වාර්තා වෙයි.
මෙය ගොඩබිටම එන රළ උස නොවන බව සැලකීම ඉතාමත් වැදගත් වන අතර මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ අවදානමක් පවතින බවද සදහන් කර තිබේ.
ඊයේ දිනයේ කළුතර කැලිඩෝ ප්‍රදේශයේදි මුහුදු රළ ගොඩට ආ ප්‍රදේශ කිහිපයක් පිළිබද වාර්තා වෙයි. මෙයින් නිවාස 64ක පමණ ජනතාව පීඩාවට පත් වි තිබේ.
මේ වන විට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව අඛණ්ඩව ඔවුන් සදහා ආහාරපාන සැපයිමේ කටයුතු සිදු කරන බව වාර්තාවෙයි.
විශේෂයෙන් ධීවර සහ වෙරළබඩ ආසන්න ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කිරිම ඉතාමත් වැදගත් බව ප්‍රකාශ කර ඇත.



