කොරෝනා නිසා ලොව පුරා රැකියා මිලියන 25ක් අවදානමක

Share

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් පනවා ඇති සංචාරක සීමාවන් හේතුවෙන් රැකියා මිලියන 25ක් අවදානමට ලක්ව ඇති බවට අනාවරණය වී තිබේ.

 

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසින්  නිකුත් කර ඇති නවතම විශ්ලේෂණ වාර්තාවෙන් මෙය අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඔවුන් පෙන්වාදි දි ඇත්තේ ගෝලීය වශයෙන් මිලියන 65.5 ක පමණ ජනතාවගේ ජීවනෝපායන් සංචාරක හා ගුවන් සේවා කේෂ්ත්‍රය මත රඳා පවතින බවයි.

නමුත් රටවල් රැසක් සංචාරක සීමාවන් පැනවීම හේතුවෙන් එම ක්ෂත්‍රයන් හි රැකියා මිලියන 25 ක් අවදානමට ලක්ව ඇති බවට නිරිකෂණය වි ඇති බවයි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පවසා ඇත.

ගුවන් සේවයේ මගී ආදායම ඩොලර් බිලියන 252 කින් පමණ පහත වැටෙනු ඇති බවට අපෙක්ෂා කළ හැකි බවද එම සංගමය පෙන්වා දි තිබේ.

මේ හේතුවෙන් ගෝලිය වශයෙන් සියලු දෙනා සාමුහිකව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Read more

Local News