සහල් හිගයකින් තාෙරව ජනතාවට – ප්‍රධාන පෙලේ වී මෝල් නොකඩවා විවෘතයි

Share

සහල් හිගයක් ඇති විම වැලැක්විමේ අරමුණින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරිම සදහා ප්‍රධාන පෙලේ වි මොල් නොකඩවා විවෘතව තැබිමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ හමුවේදි තීරණය කෙරුණි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදි රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් ජන ජිවිතය තුල පැන නැගි තිබෙන ගැටළු රැසක් පිලිබදව සාකච්ඡා විය.

මේ වන විට ජනතාවට අවශ්‍ය තරම් වි තොග තිබෙන බැවින් කිසිදු අවස්ථාවක රට තුල සහල් හිගයක් පැන නොනගින බවත් ඇති වි තිබෙන හදිසි තත්ත්වය හමුවේ වෙළදපොල තුල හිගයකින් තොරව සහල් නිෂ්පාදනය පවත්වාගෙන යාම සදහා අවශ්‍යතාවය අනුව වි මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කළ යුතු බවත් මෙම සාකච්ඡාවේදි තීරණය විය.

Read more

Local News