මේ වන විට කොඩ්ඩ් 19 හෙවත් කොරෝනා වෙෙරසය අප රට තුල ව්‍යාප්තවෙම්න් පවතින අතර ඊට ගොදුරු වන සංඛ්‍යාවද ක්‍රමයෙන් ඉහළ යම්න් පවති.
ප්‍රතිශක්තිකරණය වැඩ් අයට කොව්ඩ් 19 රෝගය වැළදිමේ ප්‍රවණතාව අඩුද යන්න පිලිබද අප පුවත් අංශය විසින් කළ විමසීමකදී වෙෙද්‍ය එරංග නාරංගොඩ මහතා පැවසුවේ,
“මේ රෝගය යම් කිසි බරපතළ තත්ත්වයට පත්වෙන්නේ දීර්ඝ කාලීන රෝග තත්ත්වයන් තිබෙන පුද්ගලයන්ගේ. විශේෂයෙන් දියවැඩ්යාව වකුගඩු ආබාධ හෘදයාබාධ වැනි රෝග තත්ත්වයන් මත විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්ට. තරුණ උදවියට වැලදීමේ සංකුලතා ඇති විමේ සම්භාවිතාව අඩුයි. එම නිසා තමන්ගේ ශරිරයේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යාම සදහා සමබල ආහාර වේලක් ලබා ගැනිම ගුණදායි පෝෂ්‍යදායි ආහාර වර්ග ආහාරයට ගැනිම වැනි දේවල් කිරිම වැදගත්. මෙවැනි දේවල් කිරිමෙන් පමනක් මෙම රෝගය ශරිරයට ඇතුලත් විම වළක්වා ගන්න බෑ”.
මෙරට කොරෝනා වැළදුණු පළමු ලාංකිකයා පසුගිය දින මාධ්‍ය වෙත සදහන් කරලා තිබුනා ඔහු ප්‍රතිකාර ලබන සමයේදි ප්‍රතිශක්තීකරණය වර්ධනය කරන පානවර්ග ඔහුට ලබා දුන් බවට. සාමාත්‍ය ජනතාවට පානය කරන්න පුළුවන් එවැනි පාන වර්ග මොනවද ?
“පානවර්ග ගත්තහම විශේෂයෙන්ම කොත්තමල්ලි අත්තික්කා වැනි පානයන් ගුණදායි කියනවා. අතිතයේ සිට ආයුර්වේද වෙෙද්‍යවරුන් පවසනවා ඒ සම්බන්ධයෙන් එවැනි දේවල් පානය කිරිම විශේෂයෙන් මේ දිනවල උණුසුම් තත්ත්වයත් සමග දහදිය දමන තත්ත්වයත් වැඩ් නිසා ඔ්නම පානවර්ගයක් ගැනිම සුදුසුයි. පැණි බිම සහ කෘතිමව සාදන ලද පාන ගැනිමෙන් වැලකීම වැදගත්”
ජාතික වශයෙන් අප රට තුල මෙම රෝගය මර්දනය කිරිමට පියවර ගනිද්දි ජාත්‍යන්තර වශයෙන් එ් සදහා සම්බන්ධ විමක් තියෙනවාද ?
“දැනට මෙම රෝගය පාලනය කිරිම සදහා අප විසින් ලබා දෙන උපදෙස් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැම රටකටම නිකුත් කළ නිවේදනයන්ට අනුකුලව නිකුත් කළා විශේෂයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරිමෙදි විවිධ රටවල් වල දැනට භාවිතා වන ප්‍රතිකාර ක්‍රම අපි විසින් පරික්ෂාවට ලක් කරලා අප විසින් අපේ රෝගින්ට සුදුසු අන්දම්න් භාවිතා කරන්න අපි උත්සහ කරනවා. එමෙනම සමහර ඖෂධ වර්ග තියෙනවා මේ වන විට පරීක්ෂණ මට්ටම්න් පවතින එවැනි ඖෂධ රෝගීන්ට භාවිතා කරන්නේ නෑ විශේෂයෙන් ඒ සදහා වෙෙරසයට එරෙහිට වැඩ කරනවාද යන්න පරීක්ෂාවට ලක් කළ යුතුනිසා එවැනි ඖෂධ ලබා දිම මගින් තවත් අතුරු අබාධ ඇති විමට ඉඩ ඇති නිසා.”
මේ වන විට කොරෝනා රෝගය වැළදිමෙන් මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 190කි. මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති පිරිස 49කි.
ඒ අනුව අද වන විට මෙරට කොවිඩ් – 19 වෛරසය ආසාදන වු පුද්ගලයින් ගණන 190 ක් ඉහළ ගොස් තිබේ.
ඉන් පුද්ගලයින් 135 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින අතර පුද්ගලයින් 49 දෙනකු අද වන විට සුවය ලබා සිටියි.
වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 242 ක් වෙයි.



