ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

Share

ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

 

ඊයේ(09) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම කොමිසමේ කාලය ලබන ඔක්තෝබර් මස 9 වනදා තෙක් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මාස 3 ක කාලයකට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව පිහිටුවනු ලැබීය.

Read more

Local News