ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ පුද්ගලයින් 1311 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි.
ගතවු කාලය තුළ නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් 3459 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.
මේ අතර පුත්තලම, අල්කාසිම් සිටි සහ පාලවිය ප්‍රදේශවල පුද්ගලයින් 65 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.



