ලොව පුරා කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

 

ඒ අනුව මේ වන විට මෙම වසංගත තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 2524ක් ලෙසයි දැක්වෙයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වුහාන් නගරයෙන් හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරසය මේ වන විට ලොව රටවල් 200කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ.

මේ වන විට වෛරසය ආසාදනය වී ඇති පිරිස ලක්ෂ දාහතකට ආසන්න වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය සතියේ සියයට 6ත් 10ත් අතර ප්‍රතිශතයක් ගෙන ඇති අතර පසුගිය 09 වනදා පමණක් ලොව පුරා මරණ 7300ක් සිදුව තිබුණි.

ජනවාරි මස 09 වනදා වෛරසය හේතුවෙන් පළමු මරණය චීනයේ වූහාන් නගරයෙන් වාර්තා වූ අතර ලොව පුරා මරණ 50,000සේ සීමාවට ළඟාවිමට එදින සිට දින 83ක කාලයක් ගතවී තිබුණි.

කෙසේවෙතත් එතැන් සිට මරණ ලක්ෂයේ සීමාව ඉක්මවා යාමට ගතවී ඇත්‍තේ තවත් දින 08ක් වැනි කෙටි කාලසීමාවක් පමණක් බවයි වාර්තා වෙයි.

මේ වන විට මරණ අනුපාතය 6.25ක් ලෙස දැක්වෙන අතර ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක මරණ අනුපාතය සියයට 10 ඉක්මවන බවයි වාර්තා වෙයි.

එමෙන්ම ලොව පුරා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගෙන් සියයට 93ක්ම වයස අවුරුදු 50 ඉක්ම වූවන් බවට ද අනාවරණය වී තිබේ.

අමෙරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය සහ ජර්මනිය පිළීවෙලින් වැඩිම ආසාදිතයින්  වාර්තා වන රටවල් බවට පත්ව ඇති අතර වෛරස ව්‍යප්තිය ආරම්භ වූ  චීනයට වඩා දරුණු බලපෑමක් එම සියලු රටවල් වලට එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

වැඩිම ආසාදිතයින් වාර්තා වූ රට බවට පත්ව ඇති අමෙරිකාවේ ආසාදිතයින් ගණන මේ වන විට හාරලක්ෂ 96,000 ඉක්මවා ඇති අතර ගත වූ පැය 24ක කාලය තුළ තවත් මරණ 1634ක් සිදුවිමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 18,586ක් දක්වා ඉහල ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති ඉතාලියේ අද වන විට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 18,849ක් ලෙසයි.

ස්පාඤ්ඤයේ ආසාදිතයින් එක්ලක්ෂ 58,273ක් සහ මරණ 16,081ක් වාර්තා වී තිබේ.

Read more

Local News