බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ පන්සල අසල ඇති වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගින්නහට ගත් එම වෙළඳසැළ තුළ කොටසක පදිංචිව සිටි එකම පවුලේ පිය සහ දියණිය බව වාර්තා වෙයි.
මෙම ගින්නෙන් එම පවුලේ මව සහ පුතාගේ දිවි බේරා ගෙන ඇති අතර ඔවුන් බලංගොඩ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි.
අද(11) අළුයම 3.00 ත් 3.30 අතර කාලයේදී මෙම ගින්න හට ගෙන ඇති බව පොලීසිය පවසයි.



