විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු , අභියාචනාධිකරණ විනිසුරුවරෙයකු මෙන්ම ෆිජි ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ආර්. කේ. එස් සුරේශ්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
1972 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ලබාගත් සුරේෂ්චන්ද්‍ර මහතා තීතීඥවරයෙකු ලෙස නීති වෘත්තියට ඇතුළත් විය.
පසවු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ සිය පශ්චාත් උපාධිය ලබා ගත්තේ ය.
1972-2008 දක්වා නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ ඔහු මෙරට ප්‍රමුඛ ආයතන රැසක නීති උපදේශකවරයෙකු ලෙද කටයුතු කළේ ය.
අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා ඔහු ෆීජිහි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබුණි.



