ළදරුවන්ට ගැබිණි මව්වරුන්ට අවශ්‍ය ත්‍රීපෝෂ සහ විටමින් වර්ග නිවසටම

Share

ළදරුවන්, ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් සඳහා අවශ්‍ය එන්නත්, ත්‍රීපෝෂ සහ විටමින් වර්ග නිවෙස් වෙත ගොස් ලබා දීමට පියවර ගෙන ඇතැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

 

අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය පැවසුවේ, එම කටයුතු පහසු කිරිම සඳහා සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අමතර වාහනයක් බැගින් ලබා දී ඇති බවයි.

මේ වනවිට සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන් කාර්යාල 350කට අධික සංඛ්‍යාවකින් 200කට පමණ වාහන ලබා දී ඇතැයි, ලේකම්වරිය පැවසුවාය.

Read more

Local News