රෝහල් දෙකක නව වාට්ටු සංකීර්ණ සඳහා මුල්ගල් තැබීම අනිද්දා

Share

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 09 කින් යුත් අංග සම්පුර්ණ ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම සහ ඇල්පිටිය මුලික රෝහලේ මහල් 08 කින් යුත් වාට්ටු සංකිර්ණයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (19) දින සිදු කිරීමට කටයුතු යොදා ඇත.

එදින පෙරවරු 10.00 ට කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු සංකිර්ණයට මුල්ගල් තැබෙන අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 1587 ක් වේ. එදින පස්වරුවේ ඇල්පිටිය මුලික රෝහලේ වාට්ටු සංකිර්ණයට මුල්ගල් තබන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2065 කි.

Read more

Local News