හබරාදුව පොලිස් වසමේ ගාල්ල-මාතර මාර්ගයේ දළවැල්ල ප්රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ(11) දහවල් 12.05ට පමණ මෙම අනතුර සිදුව ඇත.
මාතර දෙසට ධාවනය වු ජීප් රථයක ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ වයස 51 ක්වු පංසල පාර, කළුතර උතුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



