නුවරඑළියේ දී හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

නුවරඑළිය පොලිස් වසමේ එදිරිසිංහ මාවත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 364 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(11) සවස 4 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී වයස අවුරුදු 25 ක පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු හාවාඑළිය, නුවරඑළිය ප්‍රදේශයේ අයෙක් බව පොලීසිය පවසයි.

සැකකරු අද(12) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News