තමන්ගේම දරුවන් දහතුන් දෙනෙකු දම්වැල් වලින් නිදන ඇඳවල්වලට බැඳ ඉබි යතුරු දමා නිවසේ සිරකර තබාගෙන සිටි බවට චෝදනා ලබන මවුපිය යුවළක් කැලිෆෝනියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අවුරුදු 57 වයසැති ඩේවිඩ් ඇලන් ටර්පින් සහ ඔහුගේ බිරිඳ වයස අවුරුදු 49ක් වන ලුවිස් ඇනා ටර්පින් අඹුසැමි යුවළ ළමුන්ට වධදීම සහ එම ළමුන්ව සිරකර තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා ලබති.
වයස අවුරුදු දෙකේ පටන් අවුරුදු 29 තෙක් විවිධ වයස් වලට අයත් දරුවන් දහතුන් දෙනකු මෙසේ සිරකර තබාගෙන අැත.