රන්ජන් රාමනායක රිමාන්ඩ්

Share

රන්ජන් රාමනායක අප්‍රේල් 20 තෙක් රිමාන්ඩ් ගත කෙරේ

 

ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ(13) පස්වරුවේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පිළියන්දල ප්‍රදේශයේ සිට කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ දහවල් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හමුවීමට අවශ්‍ය බව එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

එම අවස්ථාවේ ඔහු සන්තකයේ වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොතිබූ බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විමසීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

එහිදී එම ස්ථානයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කරමින් අදාල පුද්ගලයා තම නිවාස සංකීර්ණය වෙත රැගෙන යාමට උත්සාහ කර තිබේ.

එහිදී ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත හා එම චෝදනාව කඩ කිරීම සඳහා ආධාර අනුබල දීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Read more

Local News