කොරෝනා රෝගීන් ගණන 219ක් දක්වා ඉහළට

Share

තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 219 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

අඩි.ඩී.එච් , වැලිකන්ද සහමුල්ලේරියාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව අද වන විට වෛරස ආසාදනය වී පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 59ක් දක්වා ඉහල ගොස් ඇත.

වෛරස ආසාදිත මරණ 07ක් වාර්තා මේ වන විට වාර්තා වී ඇත.

Read more

Local News