ගල්කිස්සේ නිවසක ගින්නක්

Share

ගල්කිස්ස පොලිස් වසමේ මහින්ද මාවත, ගල්කිස්ස යන ලිපිනයේ පිහිටි නිවසක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

 

ඊයේ(15) රාත්‍රී 7.30ට පමණ මෙය ඇතිවී ඇතැයි පොලීසිය පවසයි.

ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය, දෙහිවල ගල්කිස්ස නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් කැඳවා ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොහැති අතර සිදුවු හානිය මෙතෙක් තන්සේරු කර නොමැත.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News