විරාත් කෝලිට දඩ මුදලක් පනවයි තරග තීරක

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග සෙන්චූරියන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ පෙරේදා දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම අතරතුර පන්දුවේ තත්ත්වය පිළිබඳ වරින් වර තරග විනිසුරු මයිකල් ගෆ්ට පැමිණිලි කිරීමත්, අනතුරුව ආවේගශීලිව පන්දුව බිමට දමා ගැසීමත් හේතුවෙන් විරාත් කෝලිට දඩ මුදලක් පැනවීමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් පියවර ගත්තේය.

මේ සිදුවීම පිළිබඳ විනිසුරුවන්ගේ වාර්තාව සැළකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිතිරෙගුලාසිවලට අනුව ඔහුගේ තරග මුදලින් 25%ක දඩයක් පැනවීමට ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කළේය.

මීට අමතරව ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධව ලකුණු ලබාදිමේ අයි.සී.සී.යේ ක්‍රියා පිළිවෙතට අනුව කෝලිගේ එක් ලකුණක් අඩු කිරීමටද පියවර ගෙන ඇත.

Exit mobile version