ළදරු සායන පැවැත්වීමට අදාල චක්‍ර ලේඛය නිකුත් වෙයි

Share

ළදරු සායන ඇතුළු සියලු සායන පැවැත්වීමට අදාල චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

කෙසේවෙතත් ළමා සායනවලට සහභාගී වීමේදී දරුවා සමඟ එක් අයෙකු පමණක් පැමිණීමට කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.

Read more

Local News