රු.5000 දීමනාවට සුදුස්සන් තෝරා ගැනීමේ වැඩසටහන් අද ත් ක්‍රියාත්මකයි

Share

කොරෝනා ව්‍යාප්තියත් සමග පැන වූ පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් ආදායම් මාර්ග ඇහිරී ඇති පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබාදීමට සුදුස්සන් තෝරා ගැනීමේ වැඩසටහන් අද ත් පැවැත්වේ.

 

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, ඒ අනුව ග්‍රාම සේවා වසම් මට්ටමින් පත් කළ කමිටු එම දීමනාව ලබාදීමට සුදුසුකම් ලබන පුද්ගලයින් තේරීම අද සිදු කරන බවයි.

මීට පෙර සමෘද්ධී සහනාධාර ලාභීන්ට සහ ඒවායේ පොරොත්තු ලේඛනවල සිටින පවුල් විසිපන් ලක්ෂයකට රුපියල් 5000 දීමනාවක් ලබාදුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර රුපියල් 5000 දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත් වූ ග්‍රාම නිලධාරීවරුන් ඊයේ රාත්‍රී යළි ත් එම රාජකාරීවල නිරතවීමට තීරණය කර තිබේ.

ඒ, බැසිල් රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

Read more

Local News