මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අන්තර්ජාලය මගින් සමාජගත කල අයට වැඩ වරදියි

Share

මෙම කාල සීමාව තුලදී අන්තර්ජාලය හරහා මත්පැන් නිෂ්පාදනය කරන ආකාරය පිලිබද සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වු විඩියෝ පිලිබද සියත අප පුවත් අංශය මගින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විමසිමක් කරනු ලැබුවා.

 

මේ පිලිබද අදහස් දක්වම්න් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීරික්ෂණයට හසුවු ප්‍රධානම කාරණයක් ලෙස විශාල වශයෙන් නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරිම වෙනුවට ගෘහස්ථ මට්ටමින් ඉතා විසුරුණු රටාවක් යටතේ දිවයින පුරා සුළු පරිමාණයන්ගෙන් මත්පැන් නිෂාපාදනය කිරිම ආරම්භ කර තිබෙන බවයි.

එවැනි වැරදි ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් දිවයින පුරා සිදුවන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 දුරකථනයට පැම්ණිලි දිගින් දිගටම ලැබි තිබෙන බවත් ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ද සහිතව එවැනි ක්‍රියා අවම කිරිමට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි.

එසේම අන්තර්ජාලය හරහා බොහෝ ජනප්‍රිය පුද්ගලයන් සමග මෙම මත්ද්‍රව්‍ය නිර්මාණය කරන අයුරුත් ඇතැම් අවස්ථාවලදි රසායන විද්‍යාඥයන්ද උපදෙස් ලබා දෙන ආකාරයක්ද පෙනි යන බවත් ඒ මහතා පැවසීය.

බොහෝ පිරිස් ඒවැනි වැඩසටහන් අරඹා අන්තර්ජාලයට මුදා හැර තිබෙන බවත් වාර්තා වි තිබේ.

මේ සම්බන්ධයෙන් සුරාබදු විශේෂ මෙහෙයුම් මැදිරියක් පවතින බවත් එවැනි ක්‍රියා සම්බන්ධයෙන් අදාල පුද්ගලයින් හදුනා ගැනිමට කටයුතු කර තිබෙන බවත් ඇදිරි නිතිය ඉවත් වු වහාම ඔවුන්ට එරෙහිව නඩු පැවරිමට කටයුතු කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩ්දුරටත් පැවසිය

Read more

Local News