ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් ගණන 31000 ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ දින සිට ගත වූ දින 29ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝන කළ පුද්ගලයින් තිස් එක්දහසකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් භාරයට ගෙන ඇති සමස්ථ රථවාහන සංඛ්‍යාව 8000කට අධිකයි.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අදත් ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙයි.

මේ අතර ඊයේ (17) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1392 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 381 ක්.

ඒ අනුව ඇදිරි නීතිය පැනවූ මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 31,680ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 8151 ක්.

Read more

Local News