රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ග අත්හැර දැමීමට ඊයේ (17) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී තීරණය කළේය.
චක්‍රලේඛ ගැටළුවක් මුල් කර ගනිමින් අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන රුපියල් 5000 සේ දීමනාව ගෙවීම් කටයුතුවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීන් පෙරේදා (16) තීරණය කර තිබුණි.
අදාළ සාකච්ඡාවෙන් පසු එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපතිවරයා මාධ්‍යට අදහස් පළ කළේය.
ඔහු පැවසුවේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්රලේඛණය අනුව පමණක් කටයුතු කිරීමට දෙපාර්ශවයම එකඟ වු බවයි.



