කොරෝනා ආසාදිතයින් 160 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි

Share

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 160 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

අයි.ඩී.එච් රෝහල, වැලිකන්ද මුලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල සහ ඉරනවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 248 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 77 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Read more

Local News