කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කළ තවත් 6 දෙනෙක් නිරෝධායනයට

Share

කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06ක් අද (18) නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

 

කොරෝනා වෛරසය ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දියත් කර තිබේ.

එම මෙහෙයුම් මගින් අද වෛරසය ආසාධිතයින් සමඟ සමීප සබඳතා දැක්වූ පුද්ගලයින් 06 දෙනෙකු ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්ගෙන් හදුනා ගැනීමට හැකිවිය.

එලෙස හදුනාගත් මෙම පිරිස ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා පූර්ණ විෂබීජහරණකට ලක් කිරීමෙන් අනතුරුව වැලිසර ළය රෝහලෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read more

Local News