මෙම මස 20 වන දිනෙන් පසු සියලු දිස්ත්‍රික්කවල අදියර කිහිපයක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව මේ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සදහන් කළේය.



