ප්‍රමාණවත් ආහාර තොග රට තුළ පවතිනවා

Share

රට තුළ ප්‍රමාණවත් ආහාර තොග පවතින බව ආහාර දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි කොමසාරිස් ජනරාල් ජේ. ක්‍රිෂ්ණමුර්ති මහත්මිය සඳහන් කළේ, සහල්, පරිප්පු, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

ඒ අනුව ලංකා සතොස, සමුපකාර අලෙවි සැල් මාර්ගයෙන් එම ආහාර ජනතාවට අලෙවි කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව ඇය සඳහන් කළා ය.

මීට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරු මාර්ගයෙන් සහන මිලට අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය.

රට තුළ පවතින තොග පරීක්ෂා කර බලා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට තානාපති කාර්යාල හරහා සම්බන්ධීකරණය කිරීමට ද සැළසුම් කර තිබේ.

ආහාර කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ, මසකට මෙරට පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ අවශ්‍ය වන බවය.

වී අස්වැන්න ලැබීමත් සමග එම අවශ්‍යතාව සපුරාලීමේ කිසිදු ගැටලුවක් ඇති නොවන බව ද ඇය අවධාරණය කළා ය.

මීට අමතරව පරිප්පු හා ටින් මාළු අවශ්‍යතාවය පරිදි ආනයනයට ද නියමිතයි.

Read more

Local News