අලුත් අවුරුද්දේ පැළ සිටුවිමේ චාරිත්‍රය අද පෙරවරු 11.38ට

Share

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අදට යෙදි තිබේ.

 

පුර්වභාග 11.38ට යෙදෙන සුභ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන්ය.

මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් මෙහෙයවනු ලබන අපේ ගෙවත්ත වැඩසටහන ද අදට යෙදෙන රෝපණ නැකත සමඟ ආරම්භ කිරිමට නියමිතව තිබේ.

අදියර කිහිපයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර  එහිදි  කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම ද මෙමගින්  අපේක්ෂා කරන බව එහි සභාපති අධ්‍යක්ෂ ජනරාල් තෙෂාර ජයසිංහ මහතා පවසයි.

Read more

Local News