ස්පාඤ්ඤය වසා තැබීමේ කාලය තවදුරටත් දිර්ඝ කරයි

Share

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤය සම්පුර්ණයෙන් වසා තැබීමේ කාලය තවදුරටත් දිර්ඝ කර තිබේ.

 

ලබන මැයි මස 09වනදා දක්වා රට තවදුරටත් සම්පුරණයෙන් වසා දැමීමේ කාලය දිර්ඝ කිරිමට තීරණය කළ බව ස්පාඤ්ඤය අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කර ඇත.

එහෙත් අප්‍රේල් 27 වනදා සිට අත්‍යවශ්‍ය සේවා අංශ සඳහා පනවා ඇති නිතිරීති ලිහිල් කිරිමට බලාපොරොත්තු වන බවට එරට අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්පාඤඤයෙන් කොවිඩ් නයින්ටීන් ආසාධිතයන් එක් ලක්ෂ 94,416 දෙනෙකු හදුනාගෙන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 20,639 ක් බවයි විදෙස්වාර්තා සදහන් කරයි.

අමෙරිකාවට පසු  වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තාවන රට ලෙස ස්පාඤ්ඤය සැළකෙයි.

Read more

Local News