ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල මත්පැන් අලෙවියට අවසර

Share

සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන නැවත විවෘත කිරීම.
සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන , ඒ ඒ ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව එකී බලපත්‍ර විවෘත කිරීමට නියමිත වේලාවන් තුළදී පමණක් නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.
මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් ඇඳිරිනීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඩ් – 19 වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය විධි පිළිපැදීමේ කොන්දේසියට යටත්ව මෙම අවසරය ලබා දී ඇත.
එකී කොන්දේසියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් සුදුසු නෛතික පියවර ගැනීමටත්, මත්පැන් කර්මාන්තය සම්බන්ධයෙන් උපරිම මට්ටමේ කර්මාන්ත විනයක් පවත්වා ගැනීමටත්, කටයුතු කිරීමට සියළුම සුරාබදු නිලධාරීන් වෙත මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

Read more

Local News