වෙනිසියුලානු පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට තීරණයක්

Share

වෙනිසියුලානු පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමිය යුතු බවට එරට ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කර තිබේ.

 

එරට රුපවාහිනියක් ඔස්සේ අදහස් දක්වමින් වෙනිසියුලානු ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය මෙම අවස්ථාවේ පැවැත්විම සුදුසු නොවන බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් තීරණයක් අධිකරණයට පැවරෙන බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

වෙනිසියුලානු පාර්ලිමේන්තු මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අතර එය ජනවාරි මාසය දක්වා කල්දැමිය යුතු බව ජනාධිපතිවරයා යෝජනා කර ඇත. ‍

Read more

Local News