වෛරසයේ වැඩි බලපෑමකට ලක්වූ යුරෝපා රාජ්‍යයන් වූ ඉතාලිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ ජර්මනිය යන රටවලින් ගතවූ පැය 24දීත් මරණ රැසක් වාර්තා වී තිබුණි.
එය දැක්වුණේ ඉතාලියෙන් මරණ 482ක්, ප්‍රංශයේ මරණ 642ක්, බ්‍රිතාන්‍ය යේ 888ක්, බෙල්ජියමේ 290ක් සහ ජර්මනියේ මරණ 186ක් ලෙසින්.
මේ අතර සිය 94වැනි ජන්මදිනය වෙනුවෙන් පැවැත්වෙන නිල ආචාර වෙඩිමුර සංදර්ශනය අවලංගු කරන්නැයි බ්‍රිතාන්‍ය යේ දෙවැනි එලිසබත් මහා රැජිණ ඉල්ලීමක් කර තිබේ.
එය සැලකෙන්නේ රැජිණගේ 68 වසරක් වන රාජ්‍යත්ව සමයේදී මෙවන් ඉල්ලීමක් කළ පළමු අවස්ථාව ලෙසයි.